ජපානයට මෙම ශීත සෘතුවේ බලපා ඇති අධික හිම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මිය ගොස් තවත් 93කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
එමෙන්ම, නිවාස සිය ගණනකට විදුලිය විසන්ධි වී ඇති බව ආපදා කළමනාකරණ නිලධාරීහු ප්‍රකාශ කළහ.
එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ, මියගිය අය අතර හිම ඉවත් කිරීමේදී වහලයකින් වැටුණු පිරිමියෙකු සහ මෝටර් රථයක් තුළ සිර වීමෙන් මියගිය බවට සැක කෙරෙන කාන්තාවක්ද සිටින බවයි.
ජපානයේ බටහිර වෙරළ තීරයේ මෙන්ම හොක්කයිඩෝ හි උතුරු ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවල දෙසැම්බර් 17දා සිට පසුගිය දිනවල අඛණ්ඩව අධික හිම පතනයක් දක්නට ලැබුණි. සමහර ප්‍රදේශවල පැය 24 තුළ මීටරයකට ආසන්න හිම පතනයක් වාර්තා වී තිබේ.
ආපදාවට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන්ට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ. සඳුදා සිට හිම පතනය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.