ජපානයත් සඳේ යානයක් ගොඩබැස්වීමට සූදානම්


මෙම වසරේ සිදුකරන සිව්වැනි උත්සාහය ලෙස ජපානය සඳ ගවේෂණ ලෑන්ඩර් යානයක් සමග සිය සඳ මෙහෙයුම සාර්ථකව දියත් කර තිබේ.

සඳ මත යානයක් ගොඩබැස්වීමට උත්සාහ කරන පස්වැනි රට ලෙස ජපානය මෙම මෙහෙයුම දියත් කර ඇති අතර, මේ වනවිටත් ඇමෙරිකාව, රුසියාව, චීනය සහ ඉන්දියාව යන රටවල් සඳ මත සිය යානා ගොඩබස්වා තිබේ.

ජපානයේ මෙම මෙහෙයුම සාර්ථකව සිදුවුවහොත් එලැඹෙන පෙබරවාරි මාසයේදී ජපානයේ ලෑන්ඩර් යානය සඳ මත ගොඩබෑම සිදුවනු ඇත.

සඳ මත යානයක් ගොඩබැස්වීම ආසන්නයේම සිදුකළ රට බවට ඉන්දියාව පත්වූ අතර, ඔවුන් සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත යානයක් ගොඩබැස්වීම සිදුකළ ප්‍රථම රට බවටද පත්විය.



Recommended Articles