ජපානයට බලපෑ දැඩි වර්ෂාපතනය හා නායයෑම් හමුවේ මියගිය පිරිස 179 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 70කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම අයහපත් කාලගුණයෙන් විශේෂයෙන්ම ජපානයේ මධ්‍යම හා බටහිර ප්‍රදේශ වෙත වැඩි හානියක් සිදුකර ඇති බව සඳහන් වෙයි.
මේ වනවිට මිලියන 8ක ජනතාවක් සිය නිවෙස්වලින් ඉවත්කර ඇති අතර, වර්ෂාවේ යම් අඩුවීමක් පැවතියත්, මින් සිදුවූ දැඩි අලාභානි තත්ත්වයෙන් යථාතත්ත්වයට පත්වීමට තවත් කාලයක් ගතවනු ඇති බවද කියැවෙයි.
වර්ෂ 1982න් පසුව ජපානයේ දැඩි වර්ෂාපතනයක් හේතුවෙන් සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසද මෙය ඉතිහාසගත වෙයි.