ජපානයට දශක කිහිපයකට පසුව දරුණුතම අයහපත් කාලගුණයක්


ජපානයේ බටහිර කොටසට බලපා ඇති ගංවතුර හා නායයෑම් තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 60කට පමණ ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

මියගිය වැඩි පිරිස හිරොෂිමා දිස්ත්‍රික්කයේ ජීවත්වූ පිරිස් බවත්, බ්‍රහස්පතින්දා සිට ඇති වූ ධාරාණිපාත වර්ෂාවන් සමග ජල මට්ටම් ඉහළ යාමෙන් ඇති වූ ගංවතුර මෙම ජීවිතහානි සිදුකර තිබේ.

මේ තත්ත්වය මත මේ වනවිට මිලියන 1.5ක පමණ ජනතාවක් සිය නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, තවත් මිලියන 3ක පමණ ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

දශක කිහිපයකට පසුව ජපානයට අයහපත් කාලගුණය නිසා ඇති වූ දරුණුතම ඛේදවාචකය ලෙස මෙය හඳුන්වා දී තිබේ.

ජනතාව ඉවත් කිරීම සඳහා කාලයත් සමග දැවැන්ත සටනක නිරත වන බව අගමැති ෂින්සෝ අබේ පවසා සිටියි.

පොලීසියේ සහ හමුදාවේ දසදහස් ගණනක් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටන අතර, ඇතැම් පිරිස් නායයෑම් සමග පණපිටින්ම වැළලී ගොස් ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles