ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට (MSDF) අයත් යාත්‍රාවක් බටහිර ජපානයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය ජපාන වෙරළාරක්ෂක බලකාය පවසයි.
වාර්තාවන්ට අනුව, ඉනසුමා ඩිස්ට්‍රෝයර් නෞකාව ගල්පර කිහිපයක වැදීමෙන් පසුව තෙල් කාන්දු වෙමින් පවතින බව කියයි.
මෙම සිද්ධිය අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් වෙරළාරක්ෂක අංශයට වාර්තා කර ඇත්තේ, විශාල ශබ්දයක් සමග නෞකාව මුහුද මැද නතර වීමත් සමගිනි.