ජපානය හා දකුණු කොරියාව අතර බුද්ධි තොරතුරු හුවමාරුව දිගින් දිගටම පවත්වාගෙන යාමට දෙරට එකඟත්වයකට පත්ව තිබේ.
දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින නොසන්සුන්තාව මගහරවා මෙවැනි පියවර පැමිණීම වඩාත් යෝග්‍ය බවත්, එය දෙරටේම විවිධත්වය තේරුම්ගනිමින් සිදුකළ වඩාත් යෝග්‍ය ක්‍රියාවක් බවත් ඇමෙරිකාව කියයි.
දකුණු කොරියාව පසුගිය සිකුරාදා ඔවුන්ගේ තීරණය දැනුම් දෙනු ලැබුවේ මෙම ගිවිසුම අවසන් වීමට පැය කිහිපයක් තිබියදීය. මෙම තීරණයට ජපාන අගමැති ෂින්සෝ අබේ සිය ස්තූතිය ප්‍රකාශ කර ඇත.
මෙම රාජ්‍යන් ද්විත්වය අතර අසමගිය දශක කිහිපයක් පුරා පැවත එන්නක් වුවත්, මේ වනවිට අතිශය තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් ඔවුන් එක්ව කටයුතු කරන ආකාරය දැකිය හැකිය.