ජපානය තුළ පෙර නොවූවිරූ වේගවත් කොවිඩ් ව්‍යාප්තියක්


ජපානයේ ටෝකියෝවේ නව ආසාදිතයන් වාර්තාගත ලෙස වාර්තා වීමත් සමග ඔලිම්පික් උළෙල යටපත් කරමින් කොරෝනා වෛරසයේ ආසාදනය පෙර නොවූවිරූ වේගයකින් ඉහළ යන බවට ජපානය අද (04දා) අනතුරු ඇඟවූයේ වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් සැක මතු කරමිනි.

ඩෙල්ටා ප්‍රභේදය පෙර නොදුටු ආසාදන පැතිරීමට තුඩු දුන් බව සෞඛ්‍ය ඇමති නොරිහිස තාමුරා පැවසුවේ රෝහලට යාමට පෙර මෘදු රෝග ලක්ෂණ ඇති රෝගීන් නිවසේ හුදෙකලා කිරීමේ නව ප්‍රතිපත්තියක්ද හඳුන්වා දෙමිනි.

"වසංගතය නව අවධියකට පිවිස තිබෙනවා. අපට ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති නම්, අපට මිනිසුන් රෝහල් වෙත ගෙන ඒමට හැකියාවක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් කල් ඇතිව ක්‍රියා කළ යුතුයි" ජපානයේ සෞඛ්‍ය ඇමති තමුරා පාර්ලිමේන්තුවට පැවසීය.

නමුත් අසනීප වූ සමහර අයට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටීමට ගත් තීරණය ජීවිත අවදානමට ලක් කරන බවට වෛද්‍ය විශේෂඥයින්ගේ විවේචනයට ලක්ව ඇති හෙයින් එම ප්‍රතිපත්තිය ආපසු හැරවීමේ අවස්ථාවක් ගැනද ඔහු සංඥා කළේය.

"අපි බලාපොරොත්තු වන පරිදි දේවල් සිදු නොවන්නේ නම්, අපට ප්‍රතිපත්තිය ආපසු හැරවිය හැකියි" යනුවෙන් තමූරා පැවසීය.

ජපානයේ කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ තියුණු වැඩිවීමක් දක්නට ඇත. ටෝකියෝවේ අද වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 4,166කි. රට පුරා අලුතින් වාර්තා වූ සිද්ධීන් 14,200කට වැඩි නව වාර්තාවක් තබා ඇත.



Recommended Articles