ජපානය ඉදිරි වසර 5 ඩො.බිලි 42ක ඉන්දීය ආයෝජනයකට


ජපානය ඉදිරි වසර පහ තුළ ඉන්දියාවේ ඇ.ඩො.බිලියන 42ක් ආයෝජනය කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා ප්‍රකාශ කළේ, සංචාරයක යෙදෙන ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡාවලින් පසුවය.

ඔවුන්ගේ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේ කැපී පෙනෙන වර්ධනයක් ඔවුන් දෙදෙනා විසින් සනිටුහන් කර තිබේ.

2014 දී ප්‍රකාශයට පත් කරන ලද ජපන් යෙන් ට්‍රිලියන 3.5 (ඩොලර් බිලියන 29) ආයෝජන ඉලක්කය සපුරා ගැනීමට හැකි වූ බවට ඔවුන් සෑහීමකට පත්වූ අතර, ඔවුන්ගේ සාකච්ඡාවලින් පසුව නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයෙහි මේ බව දැක්වේ.

තිරසාර ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම, දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම සහ බලශක්ති සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව-ජපානය පිරිසිදු බලශක්ති හවුල්කාරිත්වය දියත් කිරීම දෙදෙනා විසින් පිළිගනු ලැබූ බව ඒකාබද්ධ ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles