ජපානය, චීනය හා තව රටවල් 8ක සංචරණ සීමා ලිහිල් කරයි


ජපානය සිකුරාදා චීනය සහ තවත් රටවල් සහ කලාප 8ක් සඳහා ගමන් තහනම ලිහිල් කළ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජපානය චීනය, තායිවානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව, නවසීලන්තය, බෘනායි සහ වියට්නාමය සඳහා වන සංචාරක අවදානම් උපදේශන මට්ටම 3 වැනි මට්ටමේ සිට 2 වැනි මට්ටම දක්වා පහත හෙළා තිබේ.

කෙසේ වෙතත් මියන්මාරය සහ ජෝර්දානය සඳහා වූ සංචාරක අවදානම් උපදේශන මට්ටම 2 මට්ටමේ සිට 3 වැනි මට්ටම දක්වා ඉහළ නැංවීමටද ඔවුන් කටයුතු කර ඇත.

ජපානයේ 3 වැනි මට්ටමේ උපදේශනය යන්නෙන් අදහස් වන්නේ එම ස්ථාන කරා යන ඕනෑම සංචාරයක් අවලංගු කරන ලෙස මහජනතාවට උපදෙස් දීමය.

එසේම එරට 2 වැනි මට්ටමේ උපදේශනය යන්නෙන් අදහස් කරන්නේ අනවශ්‍ය, හදිසි නොවන සංචාරවලින් වළකින ලෙස මහජනයාට උපදෙස් දීමය.



Recommended Articles