සෞරග්‍රහ මණ්ඩලයේ විකාසනය පිළිබඳ අදහසක් ලබාගැනීම සඳහා ජපානය විසින් ග්‍රාහකයක් මතට යවනු ලැබූ අභ්‍යවකාශ යානය සාර්ථකව ඒ මත ගොඩබස්වා තිබේ.
රුයුගු ග්‍රාහකය මතට මෙම අභ්‍යවකාශ යානය සාර්ථකව ගොඩබෑම සිදුවූ අවස්ථාවේ ජපාන අභ්‍යවකාශ ඒජන්සිය වන ජක්සා හි පාලක මැදිරිය ඔල්වරසන් හඬින් ගිගුම් දී තිබේ.
හයබූසා - 2 රොබෝ යානය පසුගිය පෙබරවාරි මාසයේදීද ග්‍රාහකයක් මත ගොඩබෑමක් සිදුකර පස් සාම්පල රැගෙන ආ අතර, මෙය එම යානයේ දෙවැනි ගොඩබෑමයි.
ඒ අනුව, මෙම ග්‍රාහක මතින් ලබාගන්නා පස් සාම්පලවලින් සෞරග්‍රහ මණ්ඩලයේ විකාසනය පිළිබඳ නොවිසඳුණු පැනයන් රැසකට විසඳුම් සැපයෙනු ඇති බව ඔවුහු විශ්වාස කරති.
ඒ අනුව, මෙම පාස් සාම්පල ලබන වසරේදී පෘථිවිය වෙත රැගෙන ඒමට හයබූසා - 2 අභ්‍යවකාශ යානය සූදානමින් සිටියි.