ජපානයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු වන කසූඕ උඩා එරට මහ බැංකුවේ මීළඟ අධිපතිවරයා ලෙස නම් කර තිබේ.
71 වැනි වියෙහි පසුවන උඩා එරට මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන අතර, ක්යොරෙට්සු කාන්තා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහචාර්යවරයෙකි.
ඒ අනුව, වසර 5ක අධිපති ධුරය වෙනුවෙන් වත්මන් අධිපති හරුහිකෝ කුරෝඩෝගේ සේවා කාලය එලැඹෙන අප්‍රේල් 8දා අවසන් වීමත් සමග අභිනව අධිපතිවරයා ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.