ජපාන ඡන්දදායකයන් වත්මන් ආණ්ඩුව අනුමත කරනවාද, නැතහොත් නව අගමැති ෆුමියෝ කිෂිඩා දුර්වල කර ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයේ දේශපාලන අවිනිශ්චිතතාව තවදුරටත් ඉදිරියට ගෙන යනවාද යන්න ඉරිදා පැවැත්වෙන ඡන්දයේදී තීරණය කරනු ඇත.
මෙම මාසයේ අගමැති ධුරයට පත් වූ විගසම මැතිවරණය කැඳවූ කිෂිඩාට සහ කොරොන වසංගතය වැරදි ලෙස හැසිරවීමෙන් බැට කෑ ඔහුගේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට මෙම ඡන්දය ජනතාව ඉදිරියේ පරීක්ෂණයක් බඳුය.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා දොරටු විවෘත කිරීමත් සමග වාර්තාගත ආසාදන රැල්ලකින් පසුව, මේ වනවිට ආසාදන පහළ ගොස් තිබුණත්, එහි වැඩි චෝදනාව වත්මන් ආණ්ඩුවට එල්ල විය.