ජපානයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා පැවැති මැතිවරණයෙන් බහුතර බලයක් සහිතව එරට පාලක පක්ෂය සහ එහි සන්ධානය ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව මෙය එරට වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා විසින් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද ජපාන මාධ්‍ය විසින් හඳුන්වන ලදී.
ඉරිදා පැවති මැතිවරණයේදී ඉහයළ මන්ත්‍රී මණ්ඩලයේ සමස්ත ආසන 125න් ආසන 76ක් දිනා ගැනීමට අගමැතිවරයාගේ පාලක ලිබරල් ඩිමොක්රැටික් පක්ෂය සහ එහි සන්ධානගත කොමෙයිටෝ පක්ෂය සමත්ව විය. ඒ අතරින් ආසන 63ක බලය ලිබරල් ඩිමොක්රැටික් පක්ෂයටද, ආසන 13ක් කොමෙයිටෝ විසින් දිනාගෙන තිබුණි.