ජපානයේ පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ (LDP) සභාපතිවරයා වන ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා, සිය පක්ෂ නායකත්වය වෙනස් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මහලේකම් ටොෂිමිට්සු මොටේගි සහ උප සභාපති ටාරෝ ආසෝ ඔවුන්ගේ තනතුරුවලම රඳවා ගෙන ඇත.
කර්මාන්ත අමාත්‍ය කොයිචි හගියුඩා වෙත LDP ප්‍රතිපත්ති ප්‍රධානියාගේ ප්‍රධාන තනතුර ලබා දෙන ලදී.
කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයද වෙනස් කරනු ඇති අතර, ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.