සිව් දින නිල සංචාරයක් සඳහා ජපානය වෙත ගිය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ජපානයේ සාම්ප්‍රදායික සූමෝ මල්ලවපොර තරගාවලියක් නැරඹීමට ගියහ.
ඉතා උනන්දුවෙන් මෙම සූමෝ තරගාවලිය නැරඹූ ඇමෙරිකානු නායකයා පවසා සිටියේ එය ඔහු පුදුමයට පත්කළ තරග ඉසව්වක් බවයි.
සමර් ග්‍රෑන්ඩ් සූමෝ තරගාවලිය ටෝකියෝ නුවර පැවති අතර, මෙම අවස්ථාවට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේද එක්ව සිටියේය.
තරගාවලියෙන් පසුව ජයග්‍රාහී සූමෝ ක්‍රීඩකයන්ට ත්‍යාග ප්‍රදානයද ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් අතින් සිදුවූ අතර, මෙවර එක්සත් ජනපද ජනාධිපති කුසලානය පිරිනැමීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මෙම තරගාවලිය නැරඹීමට පැමිණි 11,000ක පමණ ප්‍රේක්ෂකාගාරයේ ජනපති ට්‍රම්ප් සහ අබේගේ ආරක්ෂකයන් 1,000ක් පමණද එම නරඹන්නන් අතර වූහ.