බොලීවියාවේ අන්තර්වාර නායකයා පිළිගත නොහැකි යැයි පවසමින් හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්ගේ ආධාරකරුවන් යළිත් ගැටුම් ඇති කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
රට තුළ ඇති වූ බල අරගලය හමුවේ විපක්ෂ සෙනෙට් සභික ජෙනයින් අනීස් ධුරය භාරගෙන, හදිසි මැතිවරණයක් කැඳවන බව කියා සිටියද, හිටපු නායකයාගේ ආධාරකරුවන් පොලීසිය සමග ගැටුම් ඇති කරගෙන තිබේ.
පසුගිය ඉරිදා දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූ මොරාලෙස් මෙක්සිකෝව වෙත පළා ගියේය.
බලයේ සිටින නායකයා ලෙස ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට සති කිහිපයක් පැවති විරෝධතා හමුවේ ඔහු ධුරයෙන් ඉවත් විය.