ජනතා විරෝධතා මැද ඇමෙරිකානු ජනපති මහා බ්‍රිතාන්‍යයට ගොඩබසී


තම බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර සිදුකෙරෙන ජනතා විරෝධතා බලාපොරොත්තුවෙන් සිටි ඒවා බවත්, බ්‍රිතාන්‍යයන් තමන්ට බොහෝ ඇලුම් කරන බව ඒ තුළින් ප්‍රකට වන බවත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනපති ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා දෙදින බ්‍රිතාන්‍ය සංචාරය ආරම්භ කරමින් හෙතෙම මෙම අදහස් දැක්වීම සිදුකර ඇති අතර, මේ මොහොතේ බ්‍රිතාන්‍ය යනු බොහෝ උණුසුම් ස්ථානයක් බවද ඔහු ගුවනේදී මාධ්‍ය අමතමින් පවසා තිබේ.

බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසුව බ්‍රිතාන්‍ය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර වූ වෙළෙඳ සබඳතා තරකර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින එරට අගමැතිනී තෙරේසා මේ සමග මෙම සංචාරයේදී ට්‍රම්ප් ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

කෙසේ වෙතත්, ජනපතිවරයාට එරෙහිව පවතින විරෝධතා හේතුවෙන් ඔහුගේ මෙම සංචාරය අතරතුර බ්‍රිතාන්‍යයේදී ඔහුට විශේෂ අමතර ආරක්ෂක වැඩපිළිවෙළක්ද යොදා තිබේ.

එමෙන්ම, ට්‍රම්ප් මෙම සංචාරය අතරතුර දෙවැනි එළිසබෙත් රැජින හමුවීමටද සූදානමින් සිටින අතර, ඔහු පවසා සිටියේ ඔවුන් තමාට බොහෝ කැමති වනු ඇති බවයි. එමෙන්ම, තමාගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ඔවුන් අගය කරනු ඇති බවද ට්‍රම්ප් කියා සිටියේය.



Recommended Articles