ජකර්තා-බන්ඩුන්ග් දුම්රියේ පරීක්ෂණ ධාවනය අරඹයි


ජකර්තා-බන්ඩුන්ග් අධිවේගී දුම්රියේ සමාරම්භය සහ පරීක්ෂණ ධාවනය පසුගියදා සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

දුම්රියේ ආරක්ෂාව මෙන්ම මගීන්ගේ ආරක්ෂව තහවුරු කෙරෙන මෙම පරීක්ෂණ ගමන් වාරයන්ගෙන් පසුව එය නිල වශයෙන් මගී ධාවනයට යෙදවීමට නියමිතය.

මෙම දුම්රිය ධාවනයට අවශ්‍ය විශේෂ දුම්රිය මාර්ග, පාලම්, උමං මාර්ග සියල්ල ඉදිකර අවසන් අතර, පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයක් ලබාගැනීමට හැකි පරිදි එය සැලසුම් කර තිබේ.



Recommended Articles