ඡායාරූපයක් නිසා චීන සමාගම් ලොක්කෙක් ප්‍රංශයේදී මරු දකී


චීනයේ ප්‍රකට සමාගම් ජාලයක සභාපතීත්වය දැරූ වැන්ග් ජියෑන් ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී තාප්පයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු සභාපතීත්වය දරණ HNA Group විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම අවස්ථාවේදී වැන්ග් පවුලේ සමීපතමයන්ට මෙන්ම ඔහුගේ හිතවතුන්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින බවයි. ඔවුන්ට කලාතුරකින් ලැබෙන හා සමකළ නොහැකි නායකත්වය වෙනුවෙන් සියලු දෙනා සමග දුක බෙදා ගන්නා බවද සමාගම පවසා ඇත.

ෆෝචූන් සමාගම් 500 අතර පවතින මෙම සමාගම මීට දශක දෙකකට පමණ පෙර කලාපීය ගුවන් සමාගමක් ලෙස කරළියට පිවිසියත් අද වනවිට දැවැන්ත සමාගම් ජාලයක් බව කියැවෙයි.

ව්‍යාපාරික සංචාරයක් ලෙස ප්‍රංශයට ගොස් සිටි වැන්ග් සිය මිතුරන් කිහිප දෙනෙකු සමග බොනියුක්ස් ප්‍රදේශයේ දේවස්ථානයක් නැරඹීමට ගිය අවස්ථාවේ එහි එළිමහනේ වූ තාප්පයක් මතට නැගී ඡායාරූප ගැනීමට යාමෙන් මෙම මරණය සිදුව ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙය හදිසි අනතුරක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය කියයි.



Recommended Articles