ඡන්ද සටනේදී ප්‍රතිවාදියාට අවාසි ඕනෑම තොරතුරක් ගන්නවා -ට්‍රම්ප්


2020 ඇමෙරිකානු ජනපති සටනේදී තම ප්‍රතිවාදීන්ගේ ප්‍රතිරූපයට හානියක් කරන තොරතුරක් විදෙස් රටකින් හෝ ලැබුණත් තමන් එය භාරගන්නා බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

ඒ.බී.සී. පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එය මැතිවරණය කෙරෙහි විදේශයක් කරන මැදිහත්වීමක් ලෙස තමන් නොතකන බවයි.

"ඔවුන් ළඟ තොරතුරු තියෙනවා. මම හිතන්නෙ මම ඒවා ගත්තට වරදක් නෑ" ඔහු කීවේය.

කෙසේ වෙතත්, 2016 ජනාධිපතිවරණයේදී එවැනි තොරතුරක් ජනපති පුතුට ලැබුණු විට ඔහුට FBI වෙත කතා කරමින් එය දැන්වීමට තිබුණා නොවේදැයි ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ, "මට විවේකයක් දෙන්න. හැමදේම ඒ විදියට හරිනන්නේ නෑ ."

මේ අතර, ජනපතිවරයා පසුව පවසා සිටියේ තමන් ඒ තොරතුරු දැන සිටියා නම් ඇතැම් විට FBI දැනුවත් කිරීමට තිබුණු බවයි. කෙසේ වෙතත්, යම් දොසක් සිදුව ඇති බව තමා සිතන බවද ජනපති ට්‍රම්ප් පවසා තිබුණි.

2016 ජනපතිවරණ සටනේදී හිලරි ක්ලින්ටන් පරාජය කිරීම සඳහා ට්‍රම්ප් විදේශයන්ගේ සහාය ලබාගත් බවත්, විශේෂයෙන්ම රුසියාව එම මැතිවරණයේ ප්‍රබල මැදිහත්කරුවෙකු වූ බවටත් ට්‍රම්ප් වෙත දැවැන්ත චෝදනා රැසක් එල්ල වුණි.



Recommended Articles