චෙක් සෞඛ්‍ය අමාත්‍යවරයාද කොවිඩ් ආසාදිත බව කියයි


චෙක් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් වොජ්ටෙක් තමා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව නිවේදනය කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ සිකුරාදා සිට සෙනසුරාදා දක්වා තමාට අසනීප තත්ත්වයක් දැනුණු බැවින් සෙනසුරාදා සිදුකළ PCR පරීක්ෂණයෙන් පසුව තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.

මේ තත්ත්වය තුළ අමාත්‍යවරයා දින 14ක ස්වයං හුදකලාව ආරම්භ කරන බවද හෙතෙම පැවසීය.

"එන්නතට ස්තූතියි, මට මෘදු රෝග ලක්ෂණ පමණයි තියෙන්නෙ. ඒ නිසා මම නිවසේ සිට වැඩ කරනවා" වොජ්ටෙක් වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles