චෙක් ජනරජයේ විපක්ෂය මැතිවරණයෙන් ජයගනියි


චෙක් ජනරජයේ පැවති ඉතා තියුණු මැතිවරණයේදී එරට ප්‍රකෝටිපති අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බලය පිළිබඳ ග්‍රහණය අහිමි වී ඇති අතර, රජයක් පිහිටුවීම සඳහා විපක්ෂ සන්ධානයන්ට එකතු වීමට අවස්ථාව සලසා තිබේ.

චෙක් සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, අග්‍රාමාත්‍ය ඇන්ඩ්රෙජ් බබිච්ගේ ඒඑන්ඕ පක්ෂය අභිභවා විපක්ෂ සන්ධානයන් පටු ඡන්ද පරතරයකින් ඉදිරියට පැමිණ ඇත.

ඡන්ද 98.84%ක් ගණන් කර ඇති අතර, මධ්‍ය-දක්ෂිණාංශික සන්ධානය වන ස්පොලු ඡන්දයෙන් 27.58%ක් ලබා ඉදිරියෙන් සිටින අතර, අග්‍රාමාත්‍ය ඇන්ඩ්රෙජ් බබිච්ගේ ඒඑන්ඕ පක්ෂය 27.32%ක් ලබාගෙන පසුබෑමට ලක්ව ඇත. එමෙන්ම මධ්‍යස්ථ මතධාරී පිර්ස්ටන් සන්ධානයද 14.45%ක් ලබා ඇත.

ඒ අනුව විපක්ෂයේ ස්පොලු සහ පිර්ස්ටන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ ඇති අතර එමගින් බබිච්ගේ ඒඑන්ඕ පක්ෂය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව පවසයි.



Recommended Articles