චෙක් ජනරජය මුඛ ආවරණ නීතිය යළි බලාත්මක කරයි


චෙක් ජනරජයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන්, එලැඹෙන සැප්තැම්බර් 1දා සිට පොදු ප්‍රවාහනය සහ විවිධ ගෘහස්ථ පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබේ.

"බොහෝ විට සංකීර්ණ සරත් සෘතුවකට අප මුහුණ දී ඇති බැවින් වසංගතය වැළැක්වීමේ පියවරක් ලෙස අප මේ සෞඛ්‍ය පිළිවෙත සලකනවා. විශේෂයෙන් සැප්තැම්බර් 1 වැනිදායින් පසුව වසංගතයේ ඉහළ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රජා සම්ප්‍රේෂණය ඉහළ යා හැකියි" සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් වොජ්ටෙක් තීරණය ප්‍රකාශයට පත් කළේය.

ගිම්හාන නිවාඩුවෙන් පසු සැප්තැම්බර් 1 වැනි දින චෙක් ජනරයේ පාසල් නැවත විවෘත කිරීමට නියමිතය.

චෙක් ජනරයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 20,202ක් වන අතර වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 399කි.



Recommended Articles