ලොව විශාලතම දෙමුහුන් බලශක්ති ව්‍යාපෘතියේ කොටසක් ලෙස චීනය ප්‍රධාන ජල විදුලි බලාගාරයක් වැඩිදියුණු කරමින්, ජල හා ප්‍රකාශ වෝල්ටීයතා බලයෙන් විදුලිය නිපදවීමට සූදානම් වෙයි.
කේලා සූර්ය බලාගාරය නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ, යාලොන්ග් ගඟේ පිහිටා ඇති, ලියාංහේකූ ජලවිදුලි බලාගාරයට ආසන්නයේ, කිලෝවොට් මිලියන 1ක ජනනය කිරීමේ ධාරිතාවයකින් යුතුව ඉදිකරනු ලැබේ.
සූර්ය පැනල කඳු මත මීටර් 4,600 ක් දක්වා උන්නතාංශයක ස්ථාපනය කෙරෙන අතර අමතර ධාරිතාව කිලෝවොට් මිලියන 1කි. ව්‍යාපෘතිය 2023 දී නිම කරන විට සාමාන්‍ය වාර්ෂික බල ධාරිතාව කිලෝවොට් පැය බිලියන 2 ක් සමග වසරකට පැය 1,735 ක් ක්‍රියාත්මක වීමට අපේක්ෂා කෙරේ.
2030 දී උපරිම කාබන් විමෝචනය කිරීම සහ 2060 ට පෙර කාබන් උදාසීනත්වය ළඟාකර ගැනීම අරමුණු කරගත් චීනය පිරිසිදු බලශක්ති භාවිතයන් ආරම්භ කර ඇත.