චීනයේ සීනෝෆාම් එන්නතේ පළමු කාණ්ඩය සර්බියාවට


චීනයේ බීජිං හි සීනෝෆාම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත මාත්‍රා මිලියනයක පළමු කාණ්ඩය ඊයේ සර්බියාවට පැමිණි බව එරට මාධ්‍ය පවසයි.

බෙල්ග්‍රේඩ් හි නිකොලා ටෙස්ලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, ප්‍රාදේශීය නිලධාරීන් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ යන පිරිස මෙම තොගය ලබා ගත්හ.

සර්බියාව විසින් රුසියාවේ ස්පුට්නික් වී කොවිඩ්-19 එන්නත මෙන්ම ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් එක්ව නිපදවන ලද එන්නත්ද මිලදී ගෙන ඇත.



Recommended Articles