ඉන්දුනීසියාව තුළ හදිසි භාවිතය සඳහා චීනයේ අන්හුයි ෂිෆෙයි ලෝන්ග්කොම් ජෛව ඖෂධ නිෂ්පාදනය කරන සමාගමේ සිෆිවැක්ස් කොවිඩ් -19 මර්දන එන්නතක් අනුමත කර ඇති බව එරට ආහාර හා ඖෂධ ඒජන්සිය වන බිපෝම් පවසයි.
"අද නැවත නිවේදනය කරන්නේ සිෆිවැක්ස් යන වෙළඳ නාමය යටතේ එන කොවිඩ්-19 අනුමත කර ඇති බවයි. එය ප්‍රති-සම්මිශ්රිත ප්‍රෝටීන් උප ඒකක වේදිකාවක් සමග සංවර්ධනය කරන ලද එන්නතක්" බිපෝම් ආයතනයෙහි ප්‍රධානී පෙනි ලුකිටෝ අතථ්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම එන්නතෙහි සමස්ත කාර්යක්ෂමතාව 81%ක් පමණ වන අතර, වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එහි කාර්යක්ෂමතාව 77.47%ක් බව ලුකිටෝ පැවසීය. චීනය, උස්බෙකිස්තානය, පකිස්තානය, ඉක්වදෝරය සහ ඉන්දුනීසියාවේ පුද්ගලයින් 28,000ක් සහභාගී වූ එන්නතෙහි තෙවැනි අදියර සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල උපුටා දක්වමින් හෙතෙම මෙම තොරතුරු පැවසීය.
ඉන්දුනීසියාවේදී මෙම අත්හදා බැලීම් සඳහා වයස අවුරුදු 18ත් 59ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 4,000ක් පමණ සම්බන්ධ වූහ.
නව කොරෝනා වෛරසයේ නව ප්‍රභේද වන ඇල්ෆා (92.93%), ගැමා (100%) සහ කප්පා (90.0%) ට එරෙහිව එන්නත වඩාත් ඵලදායී වන බවත් ප්‍රතිඵල පෙන්වා දී තිබේ.
සීනොවැක්, සීනොෆාම් සහ කැන්සිනෝ එන්නත්වලින් පසුව ඉන්දුනීසියාවේදී භාවිත කිරීමට අවසර දුන් හතරවැනි චීන එන්නත සිෆිවැක්ස් ය.