චීනයේ සිනොෆාම් එන්නත් තොගයක් බංග්ලාදේශයට


චීනයෙන් සීනොෆාම් කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000ක් බංග්ලාදේශයේ ඩකා අගනුවර වෙත ඊයේ (12දා) දිනයේ ළඟා වී තිබේ.

බංග්ලාදේශයේ සිදුකරන එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් සැපයුම්කරුවන්ගෙන් නිසි පරිදි නොලැබීමේ අර්බුදය අතර, චීනය මේ ආකාරයෙන් ඔවුන්ගේ එන්නත් අවශ්‍යතාව සපුරාලීමට කඩිනමින් මැදිහත් වී ඇත.

ඒ අනුව මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ලබා ඇති සීනොෆාම් එන්නත් බංග්ලාදේශය වෙත පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.



Recommended Articles