චීනයේ බිලියන 1.1කට අධික ජනතාවක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කරයි.
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයට එරෙහිව තම ජාතිය වෙත වේගවත් සහ කාර්යක්ෂම එන්නත්කරණ ක්‍රියාවලියක් සිදුකළ රාජ්‍යක් ලෙසද චීනය පැසසුම් ලබයි.
ඒ අනුව චීනයේ බිලියන 1.1කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බැවින් එරට වැඩිහිටි එන්නත් අනුපාතය ඉහළ නැංවීම අරමුණු කරමින් ඔවුන් වෙත කඩිනමින් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීම ආරම්භ කරන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් නිවේදනය කරයි.