ලෝකයේ වේගවත් සහ ප්රශස්ත එන්නත්කරණයක් සිදුකරන රාජ්‍ය ලෙස චීන ප්‍රධාන භූමියේ සමස්ත එන්නත්කරණය සෙනසුරාදා වනවිට බිලියන 2.67ක සීමාව ඉක්මවා ගිය බව එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්ත පෙන්වා දෙයි.
වසංගතය පාලනය සඳහා එන්නත්කරණය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇති චීනය මුල සිටම එන්නත්කරණය තුළින් රටේ දැවැන්ත ජනගහනය බේරාගැනීමට සමත් වූ අතර, එරට ජනතාවද එන්නත ලබාගැනීමට නොපැකිලිව ඉදිරිපත් වීම තුළින් ලෝකයේ සෙසු බටහිර රටවලට අත්වන ඉරණම ජයගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.
එසේම චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව චීන ජනතාව නිරන්තරයෙන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතර, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමද වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් වැනි ප්‍රභේද හමුවේ පවා වසංගතය පාලනය සඳහා ඉවහල් වී තිබේ.