චීනයේ සංවර්ධන මාවත සෙසු රටවලට ආදර්ශයක්-ඔර්ටේගා


චීනයේ සංවර්ධන මාවත අනෙකුත් රටවලට ආදර්ශයක් ලෙස ප්‍රශංසා කළ නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා, ඉදිරි ගමනේදී චීනය සමග අත්වැල් බැඳ ගැනීමට තම රට සූදානම් බව සපථ කළේය.

ඔර්ටේගා කියුබාවේ සංචාරයක යෙදී සිටියදී චීන මාධ්‍ය සමූහය (CMG) සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය. චීනය සහ නිකරගුවාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කළේ පසුගිය සිකුරාදා දිනයේදීය.

ජාත්‍යන්තර ප්‍රජාව තුළ චීනයේ ධනාත්මක භූමිකාව අගය කරන ඔර්ටෙගා, චීන ලක්ෂණ සහිත සමාජවාදයේ මාවත චීන ජනතාවට ප්‍රතිලාභ ලබාදෙනවා පමණක් නොව, අනෙකුත් රටවල මිනිසුන්ගේ සුබසාධනයද වැඩිදියුණු කරන බව පැවසීය.

එක්සත් ජනපදය සහ තවත් සමහර බටහිර රටවල් පෘථිවියේ හිමිකරු ලෙස සලකන සහ ජාත්‍යන්තර ප්‍රජාවට ගරු නොකරන ආධිපත්‍යවාදී බලවතුන් බව ඔහු පැවසීය.

ඔවුන් ලතින් අමෙරිකානු රටවලට ගරු නොකරන අතර, එය තම ගෙදර ලෙස සලකන බවත්, චීනය වැනි විශාල රටවලට ඔවුන් ගරු නොකරන බවත්, එම බටහිර රටවල් ලෝකයේ කඩාකප්පල්කාරීන් ලෙස හැඳින්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles