චීනයේ ෂෙන්ෂෝ-14 ගගනගාමීන් තිදෙනා චීනයේ කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක මෙහෙයුමකින් පසු ඉරිදා සවස ආරක්ෂිතව පෘථිවියට පැමිණියහ.
ඔවුන් රැගත් නැවත පෘථිවි වායුගෝලයට ඇතුල්වීමේ කැප්සියුලය උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියා ස්වතන්ත්‍ර කලාපයේ ඩොංෆෙන්ග් ගොඩබෑමේ ස්ථානයට රාත්‍රී 8.09ට ළඟාවී තිබුණේ, පැය නවයක පමණ ගමනකින් පසුවය.
ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රැඳී සිටි වෛද්‍ය කණ්ඩායම තහවුරු කිරීමෙන් පසුව චීනය ෂෙන්ෂෝ-14 මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක බව ප්‍රකාශ කළේය.
මෙහෙයුමේ අණ දෙන නිලධාරියා වූ චෙන් මුලින්ම කැප්සියුලයෙන් පිටතට පැමිණියේය. "අපගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික වින්‍යාසය ගොඩනැගීම දැකීමට ලැබීම මට ගෞරවයක්. මගේ රට ගැන මට ආඩම්බරයක් දැනෙනවා" ඔහු පැවසීය.
දින 200කට වඩා වැඩි කාලයක් මෙහෙයුම් කිහිපයක් ඔස්සේ කක්ෂයේ රැඳී සිටිමින් ජාතික වාර්තාවක් තැබූ පළමු චීන ජාතිකයා ද ඔහුය.
ඔහුගෙන් පසු චීනයේ පළමු කාන්තා ගගනගාමියා වූ ලියු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවත් වීම අමතක නොවන අත්දැකීමක් බව පැවසූ අතර, මාතෘභූමිය වැලඳ ගැනීමට නැවත පැමිණීම සතුටක් බව සඳහන් කළාය. චීනයේ අභ්‍යවකාශ වැඩසටහනෙන් සෑමවිටම තවත් බොහෝ දේ බලාපොරොත්තු වන බවද ඇය කීවාය.