චීනයේ ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ මෙහෙයුම ජුනි 05දා


චීනයේ මීළඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම වන ෂෙන්ෂෝ-14 සඳහා චීන ගගනගාමීන් වන චෙන් ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ තෝරාගෙන ඇති බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය  පවසයි.

ඒ අනුව, ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානය හෙට (05දා) වයඹදිග චීනයේ ජියුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට නියමිතය.

බීජිං වේලාවෙන් පෙරවරු 10:44 ට ෂෙන්ෂෝ-14 යානය අභ්‍යවකාශ ගත කෙරෙන අතර, එය චීනයේ ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට නියමිත බව එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.



Recommended Articles