චීනය අභ්‍යවකාශයේ ඉදිකරමින් පවතින මධ්‍යස්ථානයෙහි 2021 ඔක්තෝබර් සිට 2022 අප්‍රේල් දක්වා මාස හයක ඓතිහාසික මෙහෙයුමක් නිම කළ ෂෙන්ෂෝ-13 ගගනගාමීන් තිදෙනාට පදක්කම් පිරිනමා තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ මධ්‍යම හමුදා කොමිසම විසින් මෙම සම්මාන ප්රදානය කරන ලදී.
මෙහෙවර අණදෙන නිලධාරි ෂායි ෂිගැන්ග් සහ චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු කාන්තා ගගනගාමියා වන වැන්ග් යැපින්ග් දෙවැනි පන්තියේ අභ්‍යවකාශ ජයග්‍රහණ පදක්කම්වලින් පිදුම් ලැබූ අතර, යේ ගුවන්ග්ෆු වෙත තෙවැනි පන්තියේ පදක්කමක් සහ "වීර ගගනගාමී" යන ගෞරව නාමය හිමි විය.
මෙහෙයුම අතරතුර දෙවැනි වරටත් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ෂායිගේ දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම ෂෙන්ෂෝ-13 මෙහෙයුමයි. ඔහු අවස්ථා තුනකදී බාහිර ක්‍රියාකාරකම් (EVAs) සිදුකර ඇත. මෙතෙක් ඕනෑම චීන ගගනගාමියෙකු විසින් සිදු කරන ලද වැඩිම ක්‍රියාකාරකම් ගණන එයයි. මෙම ගුවන් ගමන වැන්ග්ගේ දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම වූ අතර, ගුවන්ග්ෆුගේ පළමු අභ්‍යවකාශ මෙහෙයුමයි.