චීනයේ ෂින්ජියැන් පළාතෙන් තවත් ආසාදිතයන් 9ක් හමුවේ


චීනයේ නව කොරෝනා වෛරසයේ අලුත් පොකුරක් ඉස්මතු වූ ෂින්ජියැන් පළාතෙන් ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගෙවීගිය දිනයේ චීනයෙන් නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් ආසාදිතයන් 5 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර, සෙසු පිරිස බටහිර කලාපයේ ෂින්ජියැන් පළාතෙනි.

මේ අතර මීට පෙර බීජිං වෙතින් වාර්තා වූ ආසාදිත පොකුර ආශ්‍රිතව දින 16ක් පුරා කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා වී නොමැති බවද චිනය පවසයි.

ෂින්ජියැන් පළාතේ පොකුර පාලනය කිරීම සඳහා චීන බලධාරීන් කඩිනම් පියවරගෙන ඇති අතර, පරීක්ෂණ කටයුතු වේගවත් කර තිබේ.



Recommended Articles