චීනයේ මෙගා ගොඩ හෙවත්, විශාලතම කුණු කන්ද නියමිත කාලයට වසර 25කට වඩා පිරී ඇති බව වාර්තා වෙයි.
පාපන්දු ක්‍රීඩාංගණ 100ක් පමණ විශාල වන ෂැන්සි පළාතේ ජියැන්ගුන්ගු කුණු ගොඩබෑම සැලසුම් කර ඇත්තේ දිනකට කුණු ටොන් 2500ක් රැගෙන යාම සඳහා ය.
නමුත් ඒ වෙනුවට එයට දිනකට අපද්‍රව්‍ය ටොන් 10,000ක් ලැබුණු අතර, එය ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා සිව්ගුණයකි.
චීනය ලෝකයේ විශාලතම කුණු එකතු වන ස්ථානයක් ලෙස සැලකෙන අතර, එහි පුරවැසියන් බිලියන 1.4ක් ජනනය කරන කුණු කසළ සමඟ වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටිති
ෂියාන් නගරයේ ජියැන්ගුන්ගු කුණු ගොඩබෑම 1994 දී ඉදිකරන ලද අතර එය 2044 දක්වා පැවතිය හැකි පරිදි නිර්මාණය කර ඇත.
මෙම ස්ථානයේ පුද්ගලයන් මිලියන 8කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර, එය වර්ග මීටර් 700,000ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත වන අත,ර ගැඹුර මීටර් 150කි. එහි කුණු ගබඩා ධාරිතාව ඝන මීටර මිලියන 34කට වඩා වැඩිය.