චීනයේ බීජිං නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්


චීනයේ බීජිං නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.

සමාජජාල වීඩියෝ සහ ඡායාරූපවලින් චීනයේ හදවත බඳු බීජිං අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල දුමාරයක් නැගෙන අයුරු දැකගත හැකි බවද එම වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීන රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර, සිද්ධියෙන් වූ හානි පිළිබඳවද වාර්තා නොවෙයි.

එමෙන්ම, මෙම පිපිරීමට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.



Recommended Articles