චීනයේ ප්‍රමුඛතාව එන්නත් සාධාරණත්වය ඇති කිරීමයි


සාධාරණ ලෙස එන්නත් බෙදා හැරීම සහතික කිරීම, දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අනුකූලවීම සහ දිළිඳුකම පිටුදැකීම රටේ ප්‍රමුඛතාවන් බව චීන විදේශ ඇමති වැන්ග් යී එක්සත් ජාතීන්ට පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති මොහොමඩ් ෂාහිඩ් හමුවීමෙන් පසු චීන විදේශ කටයුතු ආමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක, මානව වර්ගයා වෙනුවෙන් ශේෂයෙන් කුඩා හා දුප්පත් ජාතීන් සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වඩාත් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකරන ලෙස සාමාජික රටවල් සහ කලාපයන්ගෙන් වැන්ග් ඉල්ලා සිටියේය.

තම ජනගහනය එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් මාත්‍රාවක් මිලදී ගැනීමට අසීරු වී ඇති රටවලට ආධාර කිරීම සඳහා අරමුදල් සහ එන්නත් ලබාදීමට චීනය දැනටමත් කටයුතු කරන පසුබිමක වැන්ග් එක්සත් ජාතීන්ට පවසා සිටියේ, කොවිඩ්-19 වෛරසයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී සාධාරණ එන්නත් බෙදා හැරීම ප්‍රවර්ධනය කරමින් චීනය විශාල කාර්ය භාරයක් ඉටුකරන බවයි.

වෛරසයේ මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට එරෙහිව ඔහු අනතුරු ඇඟවූ අතර, එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය දැඩිව විරෝධය පළ කරන බවද පැවසීය.

පැරිස් සම්මුතියට ගරු කරන ලෙසත්, මෙම ගෝලීය අර්බුදයට මුහුණ දීමේ වගකීම බෙදාහදා ගන්නා ලෙස සියලු ජාතීන්ට බල කරන ලෙසත්, එක්සත් ජාතීන් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් පෙරමුණක් විය යුතු බවත් ඔහු ෂාහිඩ්ට ඉදිරිපත් කළ දෙවැනි කරුණ විය.

මෑත දශක කිහිපය තුළ දිළිඳුකම පිටු දැකීම සඳහා චීනය සාර්ථක වුවත් ගෝලීය සාර්ව ආර්ථික චින්තනයේ එය තවදුරටත් කැපී පෙනෙන ස්ථානයක් හිමි කර ගත යුතු බවද වැන්ග් ෂාහිඩ්ට සිහිපත් කළේය.

2030 තිරසාර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීමට තවත් බොහෝ රටවල් සහයෝගය ලබාදෙන බව චීනය අපේක්ෂා කරන බවද වැන්ග් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles