චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් (CEA) සිය පළමු C919 ගුවන් යානය සඳහා පැය 100ක සත්‍යාපන පියාසැරියක් සිදුකළ අතර, යානයේ මෙහෙයුම් ආරක්ෂාව සත්‍යාපනය කිරීම සහ තහවුරු කිරීම සඳහා වූ එම පියාසැරිය සාර්ථක වී තිබේ.
ඒ අනුව, 2023 වසන්තයේදී මෙම යානයට සිය වාණිජ ගුවන් ගමන සඳහා මඟ විවර වනු ඇත.
C919 සඳහා දැනටමත් චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය (CAAC) වෙතින් මූලික අනුමැතිය ලබා දී ඇතත්, CEA විසින් මෙම නව මාදිලියේ මෙහෙයුම් ආරක්ෂාව, නඩත්තු විශ්වසනීයත්වය සහ විවිධ මෙහෙයුම් සහාය හැකියාවන් තහවුරු කිරීම සඳහා මගීන් නොමැතිව සත්‍යාපන ගුවන් ගමන් සිදු කරනු ඇත.
පළමු C919 ගුවන් යානය MU7801 පියාසැරිය ෂැංහයි හොංකියාඕ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වෙමින් සිදුවිය. ජෙට්ලයිනර් යානය බීජිං, චෙන්ග්ඩු, ෂියාන්, හයිකෝ, කිංඩාඕ, වුහාන්, නන්චැං සහ ජිනන් යන ප්‍රදේශ පසුකරමින්, එය ගුවන්ගත කළ ස්ථානයට ආපසු යාම සිදුවිය.
මෙම චර්යාව සම්පූර්ණ නඩත්තු සහ බෝඩිං ක්‍රියාවලීන් සමග පරීක්ෂණ පියාසැරියේ සෑම දිනකම නැවත නැවතත් සිදුවනු ඇති බවද කියයි.