චීනයේ නව බලශක්ති මගී මෝටර් රථ අලෙවිය ඉහළට


චීනයේ නව බලශක්ති මගී මෝටර් රථ (විදුලි මෝටර් රථ වැනි) අලෙවිය 2020ට සාපේක්ෂව 2021 දී 169.1%කින් ඉහළ ගොස් ඇති අතර, එහි සමස්ත අලෙවිය ඒකක මිලියන 2.99ක් දක්වා ළඟා වූ බව කර්මාන්ත දත්ත පෙන්වා දෙයි.

චීනයේ මගී මෝටර් රථ සංගමයට (CPCA) අනුව දෙසැම්බර් මාසයේදී පමණක් නව බලශක්ති මගී වාහනවල සිල්ලර අලෙවිය වසරින් වසර 128.8%කින් හෙවත්, ඒකක 475,000ක් දක්වා වර්ධනය වී තිබේ.

එමෙන්ම චීනයේ සමස්ත මගී මෝටර් රථ අලෙවිය වසරින් වසර 4.4%කින් හෙවත් ඒකක මිලියන 20.15ක් දක්වා ඉහළ ගොස් ඇති බව CPCA අනාවරණය කරයි.



Recommended Articles