චීනයේ නව ක්වොන්ටම් චන්ද්‍රිකාව ක්‍රියාත්මකයිලු


චීන ක්ෂුද්‍ර-නැනෝ ක්වොන්ටම් චන්ද්‍රිකාව එහි සැලසුම්ගත කක්ෂයට ඇතුළු වී දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බව එහි සංවර්ධකයෙකු වන චීනයේ විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.

එය බදාදා වයඹදිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලිජියාන්-1 රොකට්ටුවක් මගින් දියත් කරන ලදී.

පහත් කක්ෂ චන්ද්‍රිකාව සැලසුම් කර ඇත්තේ චන්ද්‍රිකාව සහ භූමි ස්ථානය අතර තත්‍ය කාලීන ක්වොන්ටම් දත්ත බෙදා හැරීමේ අත්හදා බැලීම් සිදු කිරීමට සහ තාක්ෂණික සත්‍යාපනය සිදු කිරීමටය.

නව ක්ෂුද්‍ර-නැනෝ චන්ද්‍රිකාවේ බර ලොව ප්‍රථම ක්වොන්ටම් චන්ද්‍රිකාව වන, චීනයේ Micius චන්ද්‍රිකාවේ බරින් හයෙන් එකක් පමණ වන අතර, එහි බර කිලෝග්‍රෑම් 600කට වඩා වැඩි බව සඳහන් වේ.



Recommended Articles