චීනයේ අඟහරු ගවේෂණයේ යෙදෙන ටියාන්වෙන්-1, යානය සිය පස්වැනි සීරුමාරුව සාර්ථකව නිම කරමින් තවත් කක්ෂයක් වෙත ස්ථාපිත කර ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
මෙම ගවේෂණයේදී අඟහරු වටා කක්ෂයේ යානය මෙන්ම, අඟහරු මතුපිට රෝවරයක් ඇත. ඒ අනුව කක්ෂයේ ඇති මෙම යානය දින 473ක් අඟහරු ග්‍රහයා වටා ක්‍රියා කර ඇති අතර අපේක්ෂිත පරිදි ක්‍රියා කරයි.
නමුත් ඉන්ජිනේරුවන් විසින් අඟහරු ග්‍රහයා වඩාත් දුරස්ථ සංවේදනය සඳහා සහ රෝවරය සහ පෘථිවිය අතර දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා මෙසේ නව කක්ෂයක් වෙත එය සීරුමාරු කර තිබේ.
එමෙන්ම අඟහරු පෘෂ්ඨයේ ඇති රෝවරය ගෙවුණු අඟහරු දින 174 තුළ අඟහරු මත මීටර් 1,253ක් ගමන් කර ඇති අතර අපේක්ෂිත පරිදි ක්‍රියා කරයි.