චීනයේ කෝවිඩ් අවසන්නොමැති වුවත් මේ වසරේ සංවර්ධන සැලැස්ම මෙන්න


කෝවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති පසුබිමක වුවද චීනය 2023 වසරේ දී සිය දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය.

ඒ වෙනුවෙන් ඔවුන් සිය මූල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් ඔස්සෙ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව චීන රජයේ වැඩ වාර්තාව ඉදිරිපත් කරමින් චීන අගමැති Li Keqiang මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ දී රජයේ කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි.

2022 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ආසන්න වශයෙන් යුවාන් ට්‍රිලියන 121 ක ඉහළ අගයක් ලබා ඇති බවත්, සියයට 5ක වැඩිවීමක් යනු යුවාන් ට්‍රිලියන 6 කට ආසන්න අගයකින් දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීමක් බවත් ඔහු සඳහන් කළේය. එය ලෝකයේ බොහෝ රටවල දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවන වැඩිවීමක් යැයි ද ඔහු කියා සිටියේය.



Recommended Articles