රෝග පාලන අධිකාරිය විසින් බදාදා නිකුත් කරන ලද දත්තවලට අනුව, 2023 පළමු මාසයේ චීනයේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
උණ සායන සඳහා දෛනික පැමිණීම් දෙසැම්බර් 23 වැනි දින මිලියන 2.86ක් දක්වා ළඟා වූ අතර, එය පසුගිය සඳුදා වනවිට සියයට 97.8%කින් 63,000ක් දක්වා පහත වැටී ඇති බව චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසයි.
චීන ප්‍රධාන භූමිය පුරා රෝහල් ගත කළ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ජනවාරි 5 වැනි දින මිලියන 1.62 සිට ගෙවුණු සඳුදා 248,000ක් දක්වා 84.8%කින් පහත වැටී ඇත.
අසාධ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාවද ජනවාරි 5 වැනි දින පැවති 128,000 සිට ගෙවුණු සඳුදා වනවිට 36,000 දක්වා 72%කින් පහත වැටී ඇත.
දෛනික මරණ සංඛ්‍යාව ජනවාරි 4 වැනි දින 4,273 සිට ගෙවුණු සඳුදා 896ක් දක්වා 79%කින් පහත වැටී ඇති බව CDC දත්ත පෙන්වා දෙයි.