චීනයේ කොවිඩ්-19 එන්නත් දෙවැනි කාණ්ඩය සර්බියාවට


චීනයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000කින් යුත් දෙවැනි කාණ්ඩය ඊයේ (10දා) සර්බියාවට පැමිණි තිබේ.

සර්බියානු අගමැති ඇනා බර්නාබික් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ නැව්ගත කිරීම සඳහා බෙල්ග්‍රේඩ් ගුවන් තොටුපළේදී මෙම තෝගය භාරගෙන ඇත.

මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් කාණ්ඩයක් ඊයේ සමකාසන්න ගිනියාවේ අගනුවර වන මැලබෝ වෙත පැමිණ තිබේ.

චීන රජය අප්‍රිකානු රටවලට ලබාදුන් පළමු එන්නත ආධාර මෙය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අඟහරුවාදා මාධ්‍ය හමුවකදී පැවසීය.

චීන ආධාර දෙරට අතර ඇති විශිෂ්ට සම්බන්ධතාවයේ ඵලයක් බව ගුවන්තොටුපලේදී එන්නත් ලබාගත් සමකාසන්න ගිනියාවේ උප ජනාධිපති ටියෝඩෝරෝ න්ගුමා ඔබියාං මැන්ගු පැවසීය.



Recommended Articles