චීනයේ ෂීචුවාන් කාර්මික ජනපදයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
යීබින් හෙන්ග්ඩා තාක්ෂණික සමාගමේ රසායනික ගබඩාවක සිදුවූ පිපිරීමක් මෙම මරණවලට හේතුවී ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.
මෙම කර්මාන්ත ශාලා සංකීර්ණයෙන් විශාල දුමාරයක් පිටව යන ආකාරය සමාජජාල මාධ්‍ය ඡායාරූපවල දැක්වෙයි.
කෙසේ වෙතත්, මෙම රසායනික ගබඩාවේ පිපිරීම කවර හේතුවක් නිසා සිදුවූයේද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.
මේ අතර, ෂිංහුවා පුවත් සේවය පවසන්නේ පිපිරීමත් සමග ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර ඇති බවයි.
කෙසේ වෙතත්, පිපිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ පැවැත්වෙන බවද එම පුවත් සේවය වැඩිදුරටත් පවසයි.