චීනයේ එන්නත්කරණය බිලියන 2.34ක් ඉක්මවයි


කොවිඩ්-19 වසංගතයට එරෙහිව එන්නත් මාත්‍රා බිලියන 2.347කට ආසන්න ප්‍රමාණයක් චීන ප්‍රධාන භූමියේ පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ලෝකයේ වඩාත් වේගවත් එන්නත්කරණ ක්‍රියාවලියක් සමග වසංගතය හේතුවෙන් රට අඩපණ වීමට නොදී කටයුතු කිරීමට චීනයට හැකි විය.

මෑතකාලීනව ඩෙල්ටා ප්‍රභේදය හමුවේ යම් හුදකලා ආසාදිත සිද්ධීන් වාර්තා වුවත්, වඩාත් කඩිනම් ක්‍රියාමාර්ග මෙන්ම, කුඩා දරුවන් පවා එන්නත්කරණයට යොමුකිරීම තුළ චීනය වසංගතය හමුවේ වැඩිම සාර්ථකත්වයක් පෙන්වූ රට බවට පත්ව සිටියි.



Recommended Articles