චීනයේ එන්නත් මාත්‍රාවන් ලක්ෂ 3ක් ඊජිප්තුවට දෙයි


චීනය විසින් ඊජිප්තුවට කොවිඩ්-19 එන්නත මාත්‍රා 300,000ක් ලබා දෙන බව ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය කියා සිටියේ දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය වර්ධනය කිරීම සහ කොවිඩ්-19 ට එරෙහි සටනේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම එන්නත් ලබාදීම සිදුකරන බවයි.



Recommended Articles