චීනයේ එන්නත් මාත්‍රා දෙකම ලැබූවෝ බිලි. 1.16 ඉක්මවති


චීන ජාතිකයින් බිලියන 1.16කට වැඩි පිරිසක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කර (මාත්‍රා දෙකම ලබාගෙන) ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශකයෙක් සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අනුව සිකුරාදා වනවිට චීනය තුළ කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 2.59ක් ලබා දී ඇති බව කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝකයේ වේගවත්ම එන්නත්කරණයක් සිදුකරන රටක් මෙන්ම, ජනතාවගේද පූර්ණ සහයෝගය සමග කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ රටක් ලෙසද චීනය පැසසුම් ලබා තිබේ.



Recommended Articles