චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් වැඩසටහන හා සම්බන්ධ වීමට සිරියාවද ක්‍රියාකර ඇති අතර, එය චීනය සහ අනෙකුත් රටවල් සමග සිරියානු සහයෝගීතාවයේ පුළුල් දොරටු විවෘත කිරීමකට උපකාරී වනු ඇති බව කියයි.
මෙම වැඩසටහන සිරියාවට ඇතුළත් වීමේ උත්සවය ඩමස්කස් අගනුවර පිහිටි සැලසුම් සහ ජාත්‍යන්තර සහයෝගිතා කොමිසමේ දී සිදු වූ අතර, එම කොමිසමේ ප්‍රධානී ෆාඩි ඛලීල් සහ සිරියාවේ චීන තානාපති ෆෙන් බියාඕද ඊට සහභාගී වූහ.
එහිදී සිරියාව චීනයේ එක් තීරයක් සහ මාවතක් වැඩසටහන හා සම්බන්ධ වීම පිළිබඳ දෙපාර්ශවය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.