චීනයේ උතුරු දෙසින් පිහිටි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 53ක් දක්වා පහත වැටී ඇති අතර, එහි මෙතෙක් වාර්තා වූ ශීතලම කාලගුණය එය බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
ඊසානදිග හෙයිලොන්ග් ජියෑන්ග් පළාතේ පිහිටා ඇති සහ රුසියානු සයිබීරියාව ආසන්නයේ පිහිටා ඇති මොහේ, "චීනයේ උත්තර ධ්‍රැවය" වශයෙන් පුළුල් ලෙස හඳුන්වනු ලබන අතර එය උප ආක්ටික් දේශගුණයක් ඇති රටෙහි ස්ථාන කිහිපයෙන් එකකි.
හෙයිලොන්ග් ජියෑන්ග් කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව, චන්ද්‍ර අලුත් අවුරුද්දේ පළමු දිනය වන ජනවාරි 22 වැනි දින උදෑසන 7.00 ට උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 53ක් ලෙස සටහන් විය. එය 1969 දී එහි ඍණ 52.3ක් ලෙස වාර්තා වූ බව නිලධාරීහු පවසති.